Windows

    Windows 7 භාෂා අතුරු මුහුණත් පැකේජය

    භාෂාව වෙනස් කරන්න
    Windows 7 භාෂා අතුරු මුහුණත් පැකේජය (LIP), Windows 7 හි බෙහෙවින් ම භාවිත වූ ප්‍රදේශ සඳහා, අර්ධ ව දේශීයකරණය වූ අතුරු මුහුණතක් ලබා දෙයි.
    • Note:There are multiple files available for this download.Once you click on the "Download" button, you will be prompted to select the files you need.
      අනුවාදය:

      1.0

      ගොනුවේ නම

      LIP_si-LK-x86.msi

      LIP_si-LK-x64.msi

      පළ කළ දිනය:

      2010-11-09

      ගොනුවේ විශාලත්වය:

      2.7 MB

      4.3 MB

        Windows භාෂා අතුරු මුහුණත් පැකේජය (LIP), Windows හි බෙහෙවින් ම භාවිත වූ ප්‍රදේශවල, අර්ධ ව පරිවර්තිත සංස්කරණයක් ලබා දෙයි. LIP ස්ථාපනය කිරීමෙන් පසු, පෙළ ඇතුල් කරන විශාරද, සංවාද කොටු, මෙනු සහ උදව් හා සහාය යන මාතෘකා LIP භාෂාහි දිස්වනු ඇත. පරිවර්තිත නො වූ පෙළ, Windows 7 හි මූලික භාෂාවෙන් පැවතිය හැකි ය. නිදසුනක් ලෙස ඔබ Windows 7 හි ස්පාඤ්ඤ සංස්කරණයක් මිල දී ගෙන, කැටලෑන් LIP ස්ථාපනය කළ හොත් ඇතැම් පෙළ ස්පාඤ්ඤ භාෂාවෙන් ම පවතිනු ඇත. තනි මූලික භාෂාවක් මත LIP භාෂා එකකට වඩා ස්ථාපනය කළ හැකි ය. සියලු ම Windows 7 සංස්කරණවල Windows LIP ස්ථාපනය කළ හැකි ය.
    • සහායක මෙහෙයුම් පද්ධති:

      Windows 7

        • Microsoft Windows 7
        • Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
        • 4.63 Mb ඉඩක් බෑමට
        • 15 Mb ඉඩක් සිටුවීමට

      • අවවාදය: ඔබ BitLocker ගුප්ත කේතනය සක්‍රිය කොට ඇත්නම් LIP ස්ථාපනය කිරීමට පෙර එය අත්හිටුවන්න. Control Panel විවෘත කර, System and Security තෝරා, පසු ව BitLocker Drive Encryption තෝරන්න. Suspend Protection ක්ලික් කරන්න.

        Windows 7 හි බිටු-32 සහ බිටු-64 අනුවාද සඳහා වෙන්වු බා ගැනීම් ඇති නිසා බාගත කිරීමට පෙර ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 හි කවර අනුවාදය දැයි තහවුරු කර ගත යුතු ය. ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 කවර සංස්කරණයක් දැයි තහවුරු කර ගන්නේ මෙසේ ය.

        Start බොත්තම ක්ලික් කර අනතුරු ව පරිගණකය මත දකුණු-ක්ලික් කර Properties තෝරන්න. ඔබේ පරිගණකය පිළිබඳ මූලික තොරතුරු මෙහි අවධානයට ලක් වනු ඇත.
        පද්ධති මාදිලිය සඳහා පද්ධති අංශය බලන්න. ඔබගේ Windows 7 මෙහෙයුම් පද්ධතිය, බිටු-32 මෙහෙයුම් පද්ධතියක් ද නැතහොත් බිටු-64 මෙහෙයුම් පද්ධතියක් ද යන්න මෙමගින් පෙන්නුම් කරනු ඇත.

        බිටු-32 අනුවාදය ස්ථාපනය කර ගැනීමට ඔබට පහත ක්‍රම දෙකෙන් එකක් භාවිත කළ හැකිය:

        1. බාගැනීම්ය බොත්තම ක්ලික් කර, LIP ස්ථාපනය කිරීම සඳහා ඉන්පසු Open ක්ලික් කරන්න


        2. නැතහොත්

        3. බාගැනීම්ය බොත්තම ක්ලික් කර,
          • ගොනුව ඔබේ පරිගණකයට පිටපත් කරගැනීම සඳහා ඉන්පසු Save ක්ලික් කර,
          • LIP ස්ථාපනය කිරීම සඳහා බාගත් ගොනුව වෙත ගොස් එය දෙක්ලික් කරන්න

        බිටු-64 අනුවාදය ස්ථාපනය කර ගැනීමට, ඔබ ඉහත 2 වෙනි ක්‍රමය භාවිතා කළ යුතුය.

    ජනප්රිය බාගැනීම්

    Loading your results, please wait...

    නිදහස් PC යාවත්කාල

    • ආරක්ෂිත ස්ථාන
    • මෘදුකාංග යාවත්කාල
    • සර්විස් පැක්
    • දෘඪාංග ධාවක