ශ්‍රී ලංකාව වෙනස් කරන්න  |  සියළුම මයික්‍රොසොෆ්ට් අඞවි
මයික්‍රොසොෆ්ට්

මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා

ආයුබෝවන්!

මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා

මෘදුකාංග ක්ෂේත්‍රයේ සේවා සැපයීම හා නව නිපැයුම් හඳුන්වා දීමෙන් ලොව පෙරමුණ ගත් මයි‍ක්‍රොසොෆ්ට් සමාගමේ පූර්ණ අනුබද්ධිත ශාඛාවක් වශයෙන් 2004 දී අප රටේ ස්ථාපනය කළ මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ බලවත් වෙළඳ ලකුණක් බවට මේ වනවිට පත්ව ඇත.


ශ්‍රී ලංකාවේ සිව්දිග පුරා සිය දුරදර්ශීවූත් රටේ අනාගත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය බලගන්වන්නාවූත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින්,වැඩ‍පලේදී, පාසලේදී මෙන්ම නිවසේදී අප රටේ තොරතුරු තාක්ෂණ දැනුමින් හා හැකියාවෙන් සවිබල ගන්වන හා සුපෝෂණය කරවන මෙහෙවරට උරදෙමින්, මෙම නව අන්තර්ජාල යුගයේදී පරිගණක භාවීතය වඩාත් සමීප අත්දැකීමක් බවට පත්කිරීම, මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා හි දිගුකාලීන අරමුණයි.


සෑම ශ්‍රී ලාංකිකයෙකු කෙරෙහිම බලපෑමක් ඇති කරවන නව තාක්ෂණික විසඳුම් ගෙන ඒමෙහිලා සමාගම කැපවී සිටී. ගෝලීය තාක්ෂණය වෙත ප්‍රවේශය පහසු කරවීමෙන් පමණක් නොව අනාගත පරපුර තුල තොරතුරු තාක්ෂණික දැනුම් ධාරිතාවය ගොඩනැංවීම, රැකියාවල යෙදීමේ හැකියාව වැඩි දියුණු කිරීම හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා දෙන, ඉගෙනගන්නා හා ව්‍යාපාර මෙහෙයවන ආකාරය වෙනස් කිරීම සඳහා වන එහි ප්‍රජා සංවර්ධන මූලාරම්භයන් මගින්ද මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාවේ විප්ලවීය වෙනසක් සනිටුහන් කර ඇත.


නිවැරදි නිෂ්පාදනය නිවැරදි පාරිභෝගිකයා වෙත ලබා දීමේ විශේෂඥ හැකියාවෙන් පරිපූර්ණ ශක්තිමත් දේශීය වෙළඳ සහකරුවන් ජාලය හරහා මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාව තුල එහි නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධනය කරයි. ලොව පිළිගත් මයි‍ක්‍රොසොෆ්ට් සහතිකකරණය (Microsoft Certification) හරහා මෙම වෙළඳ සහකරුවන්ගේ විශේෂඥ දැනුම හා හැකියාවන් තහවුරු කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනයට උරදීම මගින් සිය ප්‍රතිවිකුණුම් පරිසර පද්ධතිය සංවර්ධනය කිරීම කෙරෙහි මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා දැඩි උනන්දුවක් දක්වයි.


ව්‍යාපාර හවුල්කාර කණ්ඩායම , කුඩා හා මධ්‍ය පරිමාණ වෙළඳපල විසඳුම් හා හවුල්කරුවන් කණ්ඩායම, රාජ්‍ය අංශය, නියම උපකරණ නිෂ්පාදක අංශය, අලෙවිකරණ අංශය හා මයික්‍රොසොෆ්ට් සේවා කණ්ඩායම, මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා හි මෙහෙයුම් කණ්ඩායම් වේ. තම පාරිභෝගිකයන්ට හා හවුල්කරුවන්ට උපරිම සේවාවක් සැපයීම සඳහා මයි‍ක්‍රොසොෆ්ට් කණ්ඩායමේ දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මයි‍ක්‍රොසොෆ්ට් නාමය ඵකසේ ව්‍යාප්තවී ඇත්තා සේම රටේ ‍තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රථම ව්‍යාපාරික සුපිරි වෙළඳනාමය ලෙස තෝරා ගනු ලැබීමද ඇතුළු ගෞරව සම්මාන රාශියක්ද සමාගම මේ වනවිට දිනා ඇත. වසර 3 ½ ක් පමණ වූ ඉතිහාසයක් සමග, රටේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ආයතන 100 අතරට මෙතෙක් නම් කරනු ලැබූ ලාබාලතම ‍සමාගමද මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා වේ.


මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා හි අප්‍රතිහත ධෛර්‍ය හරහා ලබාගත් ජයග්‍රහණ හා සාර්ථකත්වයන් රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට සහාය වූ ප්‍රමාණය සුළුපටු නොවේ. ආරම්භයේ සිටම එය තම නායකත්වයේ භූමිකාව ඉතාම වගකීමෙන් ක්‍රියාවෙහි යොදවා ඇති අතර එහි විවිධාකාර අධ්‍යාපන හා පුහුණු මූලාරම්භයන් හරහා ශ්‍රී ලාංකික ජීවිත මිලියනයකට අධික සංඛ්‍යාවක් මේ වනවිට ස්පර්ශ කර ඇත. ඉලක්ක හඹා යාමේ අරමුණ ඇති මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සැබැවින්ම පරිවර්තනයකට ලක් කරන නව ඉසව් තරණය කිරීමට නිරතුරුව සූදානමින් සිටී.


11 වැනි මහල, DHPL ගොඩනැගිල්ල,
අංක 42, නවම් මාවත, කොළඹ 02.
ශ්‍රී ලංකාව, යන ස්ථානයේ මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය පිහිටා ඇත.

වැඩිදුර විස්තර සඳහා +94 11 4765500 අංකයෙන් මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය අමතන්න.


රජය සමග මයික්‍රොසොෆ්ට්හි හවුල්කාරිත්වය


දේශීය තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රය් අවශ්‍යම අංගයක් ලෙස හා එයට කැපී පෙනෙන දායකත්වයක් සපයන්නෙකු ලෙස මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය දැඩි ලෙස ඇපකැපවී සිටී. අප සමාගම, දේශීය තොරතුරු තාක්ෂණය 21 වැනි සියවසේ අවශ්‍යතා හා අවස්ථාවන් සඳහා සූදානම් කරවමින් එය පරිවර්තනයට ලක් කිරීමේ ක්‍රියාවට සක්‍රියව සහභාගිවන්නෙකු වේ. මයි‍ක්‍රොසොෆ්ට් සමාගම සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාව තුළ මයි‍ක්‍රොසොෆ්ට් හි ක්‍රියාකාරකම් සඳහා පදනම සපයන ලදී.


ශ්‍රී ලංකාව, ගෝලීය තොරතුරු තාක්ෂණ විප්ලවයේ සක්‍රිය භූමිකාවකට පිවිසවමින් ඩිජිටල් පරතරය අවම කරවීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ප්‍රයත්නයන්ට මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සහාය වේ. අධ්‍යාපන අමාත්‍යාංශය සමග ක්‍රියාත්මක “Partners in Learning” (PiL) වැඩසටහන මගින්, මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට දායකත්වය සපයන විශාලතම පෞද්ගලික අංශ‍ ආයතනය ලෙස පිළිගැනීමට ලක්වී ඇත. මෙම PIL වැඩසටහනේ පළමු අදියර යටතේ දැනටමත් රුපියල් මිලියන සියයකටත් බෙහෙවින් අධික මුදලක් පරිත්‍යාග කර ඇති අතර ඉදිරි වසර කිහිපය තුළදී ඒ හා සමාන දායකත්වයක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. මෙම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ තොරතුරු තාක්ෂණ භාවිතය වැඩි දියුණු කිරීමට හා සංයෝජනය කිරීමට මයි‍ක්‍රොසොෆ්ට් හි සහය ප්‍රතිමූර්තිමත් කරයි.


සියළු ශ්‍රී ලාංකිකයන්ට තාක්ෂණය සඳහා ප්‍රවේශය ලබා දීමට කැපවී සිටිමින්, දැනුම බෙදා හදා ගැනීමේ, වෘත්තිකභාවයේ, පර්යේෂණයේ හා සංවර්ධනයේ නව සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට සමාගම එහි සම්පත් හා විශේෂඥ දැනුම කැප කරයි. විවිධ තාක්ෂණික හා අධ්‍යාපනික සමුළුවලට සම්පත් දායකයන් ගෙන ඒම මගින්, ලෝකය මුළුල්ලේ සමාගම සතුව ඇති විශේෂඥ ඥානයෙහි ධනය සක්‍රියව බෙදා හදා ගැනීම කෙරෙහි සමාගම විශේෂයෙන් අවධානය යොමු කරයි. රජය සමග ඒකාබද්ධව ධාරිතා වර්ධනය කිරීමෙහි ඵක් අංගයක් ලෙස රජයේ නිලධාරීන් 5000 කට වැඩි සංඛ්‍යාවකට මූලික තොරතුරු තාක්ෂණ කුසලතා පුහුණුව ලබා දීමට අමතරව TechEd, හා අනෙකුත් පුහුණු කිරීම් වැනි විවිධ තාක්ෂණික සංසද හරහා රජයේ නිලධාරීන් සිය ගණනකගේ කුසලතා වර්ධනයටද මයි‍ක්‍රොසොෆ්ට් උපකාරී වී ඇත.


රජය සමග ඇති කරගත් ගිවිසුමේ කොටසක් ලෙස, තම භාෂා අතුරු මුහුණත් වැඩසටහන් මගින් දේශීයකරණය කරන ලද මෘදුකාංග හා සේවාවන් සැකසීම සමාගම දිගටම සිදු කරනු ඇත. දැනටමත් Windows Vista සහ Microsoft Office 2007 සඳහා සිංහල භාෂා අතුරු මුහුණත ICTA ආයතනය සහ මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය ඵක්ව ඵලි දක්වා ඇත.